1802 දී ප්‍රථම ගැසට් පත්‍රය පළකිරීමේ සිටම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජයේ නිල මුද්‍රණකරු සහ මුද්‍රණ ප්‍රකාශක විය. සියවස් දෙකකට අධික කාලයක් තුළ සිදු වන්නට යෙදුනා වූ සමාජීය, දේශපාලන සහ තාක්ෂණික වෙනස්කම් රැසක් පිළිබඳ සාක්ෂි දරන මෙම දෙපාර්තමේන්තුව වර්තමානයේ අප රටේ ඇති පැරණිම රාජ්‍ය ආයතනයන්ගෙන් එකකි.

රාජ්‍ය ආයතන සඳහා අවශ්‍යවන විවිධාකාරයේ පෝරම වර්ග මෙන්ම රහස්‍ය භාවය සුරැකිව සිදු කළ යුතු මුද්‍රණ කාර්යයන් වන මුද්දර හෝ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වැනි ඕනෑම වර්ගයක මුද්‍රණ අවශ්‍යතාවයක් සපුරාලිය හැකි යන්ත්‍රසූත්‍ර මෙන්ම මනා නිපුනත්වයෙන් යුතු සේවක මණ්ඩලයක් ද අප සතුය.

තොරතුරු තාක්ෂණ යුගයට පිවිසීමේ මුල් පියවර තබා ඇති අප අන්තර්ජාලය හරහා අපගේ ප්‍රකාශන බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇත. අපගේ ප්‍රකාශන ඩිජිටල් මාදිලියෙන් ලබා ගැනීම සඳහා මෙම වෙබ් අඩවියේ “ප්‍රකාශනයන්” කොටසට පිවිසෙන්න.

"මුද්‍රණයේ හා ප්‍රකාශනයේ ජීවනාලිය බවට පත්වීම"

"කෘතහස්ත කාර්යය මණ්ඩලය, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කලට වේලාවට ගුණාත්මක නිමාවෙන් යුතුව, සේවාලාභීන් තෘප්තිමත් වන අයුරින් මුද්‍රණ හා ප්‍රකාශන සේවා සැපයීම"